Rupa Sobawa

රූප ශෝභාව වර්ධනය කරන මහා මන්ත්‍රය

රූපශෝභාවට යෝග යනු, අද ලොව ජනප්‍රියම මාතෘකාවකි. රූපය පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක‍ෂවේ. එහෙත් සෑම දෙනා කැමති වනුයේ දකින රූපයට වන අතර, හදවතේ රූපය බලනුයේ පසුවය. හදවත රූපය ලස්සන වන විට ගත ලස්සන වීම සිදුවන අතර, එය සසර සමග ඇතිවන ගණුදෙනුවේද සිදුවේ. භාවනා යෝග අභ්‍යාසය හා ආයුර්වේද ප්‍රතිකාර මගින් ද රූපය වඩවා ගත හැක. අද බොහෝ දෙනෙකු ලස්සන වී ඇත්තේ සැලූන් වලට පින් සිද්ද වන අතර, සැලූන් වැසු දිනක රූපය නැත. බොහෝ දෙනෙක් වැස්සට තෙමුනොත් රූපය සේදී යයි. එහෙයින් පුරාණ අපේ මුතුන් මිත්තන් කියු ආකාරයට ඉබේම රුව ලස්සන වෙයි. යහපත් කල් ක්‍රියාවෙන් යන්න සැවොම සිහිකර ගත යුතු කාලය එලැඹ ඇත.

සන්සාරේ අපි කරනා වු කුසලානුබලයෙන් උපතේදීම රූප ශෝභාවය රැගෙන පැමිණි පසුව එය අනවබෝධයෙන් පරිහරණය කර රූපය විනාශ කරගන්නා අයද සමාජයේ ඇත. එහෙයින් තමාගේ ක්‍රියාවන් පිළිබඳව අවබෝධයෙන් ජීවත් වීම ද කෙලෙස්, කර්ම, විපාක පිළිබඳවද අවබෝධය ලබාගැනීම වැදගත්වේ. යෝග අභ්‍යාස පුද්ගලයෙක්ගේ කායික හා මානසික අධ්‍යාත්මික සුවය සළසන හෙයින් අද හොලිවුඩ් නළු නිළියන් බහුතරයක්ම යෝග හැදැරීමට පෙළෑඹී සිටිති.

බොහෝවිට ඔවුන් මෙසේ යෝග මගට පිවිසෙනුයේ ඔවුන්ගේ මානසික හිස්බවට සහනයක් සළසා ගැනීමටය.

රූප ශෝභාවය ගැන සිතන කෙනෙක් මුලින්ම තමාගේ ආහාර විහරන රටාව පිළිබඳව අවබෝධයක් ලබාගත යුතුය. යෝග ආහාර රජස්, තමස්, සත්ව යනුවෙන් හඳුන්වන අතර එය පුද්ගලයාගේ චරිත ස්වභාවයට බලපාන ආකාරය දක්වයි.

රූප ශෝභාව ගැන උනන්දු වන අය හැකි තරම් සත්ව ආහාර එනම් පළතුරු, එළවළු, කිරි, මෝරු, ගිතෙල් සහ ධාන්‍ය වර්ග වැඩි වශයෙන් ආහාරයට එක්කරගත යුතුය. එමෙන්ම සත්ව ගුණ වන දයාව කරුණාව මෛත්‍රිය හද පත්ලෙන්ම වර්ධනය කරගත යුතුය. එසේ නොමැතිව සැරසිලි කරගන්නා රූපය වෙස් මුහුණකට සමානය. එහෙයින් මෙම ආහාර ගන්නා අතරතුර පහත සඳහන් යෝග ආසනද උදැසන අවදිව කුස හිස්ව තබාගෙන පුරුදු පුහුණු කළ යුතුය.

එයට අමතරව සතියකට දින 03 ක් පමණ යෝගට්, මීපැණි, කහ මිශ්‍ර කොට මිශ්‍රණයක් සාදා ඇගේ ගැල්විය යුතුය. එසේ ගල්වා පැයක් පමණ සිට ස්නානය කිරීම යහපත්ය. මෙමගින් සමේ වර්ණය පැහැය හොදින් වර්ධනය වේ.

ඊට අමතරව උදැසන කිරි වීදුරුවකට කහ තේ හැදි කාලයි මි පැණි තේ හැදි 01 ක් දමා පානය කරන්න.

ධනුරාසනය

සර්වාංගාසනය

පශ්ශිමොත්තාසන

හලාසන

ශීර්ෂාසන

චක්‍රාසන

උස්ත්‍රාසන

ප්‍රාණයාම

මේ සියල්ල සමග අති ප්‍රභල මන්තරයක් මා ඔබට පවසමි. ඉන්දියාවේ බොලිවුඩ් නළු නිළියන් රහසේ භාවිතා කරන මහා මන්ත්‍රයකි මෙය. මෙය උදේ සවස අවම වශයෙන් වාර 21 ක් හෝ 108 ක් භාවිතා කිරීමෙන් ඔබේ සමේ වර්ණය පැහැය කාන්තිය මෙන්ම අන්යන්ගේ ආකර්ශනයටද පාත්‍ර වේ.

මන්ත්‍රය මෙසේය.

මාස 03 ක් මෙම මන්ත්‍රය එකදිගට නොකඩවා නිතර නිතර ගායනා කිරීම ඉතාම වටිනා අතර, රූප ශෝභාව ගැන තැවෙන ගැහැණු පිරිමි සැමට මාස 03 අවසානයේ ලැඛෙන්නා වු ප්‍රථිඵලය අති විශිෂ්ඨ වේ.

මෙයට අමතරව

කොළ පැහැති යුෂ වීදුරුවක් පළතුරු යුෂ වීදුරුවක් පානය කිරීමද

දිනකට අරළු ගෙඩියක් සැපීමද යහපත් වේ.

ප්‍රවීණ යෝග උපදේශක, මෝහන හා මනෝචිකිත්සක

ආචාර්ය චාමීන් වර්ණකුල
076265240

නිරූපණය බුද්ධිකා

Dr. Chamin Warnakula
Dr. Chamin Warnakula
Articles: 10

4 Comments

  1. Bohoma sthuthii obathumata.
    Dirgayu wewa 😊🙏🙏🙏
    Hemadama aluth de,niwaradiwa apata kiyala denawa.
    Budusaranai 🙏😊
    Sir…
    Manthrya sadahan karala ne neda?

  2. Перед тем, как «заказать» сайт чрезвычайно важно заложить базу, фундамент ресурса. При проектировании фундамента сайта нет необходимости уделять много внимания технической стороне функционирования будущего ресурса, визуальному оформлению и прочими вспомогательными вопросами. Тем не менее, на данном этапе важно согласовывать предполагаемые решения с веб-мастером https://promedia-site.ru/.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!