ARTHRITIS

ප්‍රධාන වශයෙන් මෙයට ගොදුරු වන්නේ වයස්ගත

ආතරයිටිස්වලට තිත

YOGA THERAPY

අද වැඩි දෙනෙක් පීඩාවට පත් කරවන රෝග තත්ත්වයක් ගැන විමසුවහොත් ඒ අතරින් ඉතාමත් බහුල පීඩාකාරී රෝග තත්ත්වයක් වී තිඛෙන්නේ සන්ධිගත ආබාධ එසේත් නැත්නම් ආතරයිටිස් රෝගයයි.

ප්‍රධාන වශයෙන් මෙයට ගොදුරු වන්නේ වයස්ගත අය ලෙස සැලකුණත් දැන් දැන් අවුරුදු 35-40 යන වයස්වල අය පවා ආතරයිටිස් රෝගයට ගොදුරු වී ඇති අවස්ථා දක්නට ලැඛෙයි.

යෝග ප්‍රතිකාර ක්‍රමයේදී මෙම තත්ත්වයට ස්ථීරසාර විසදුම් ලබා ගැනීමේ හැකියාව පවතියි. මෙහිදී රෝගියා පරීක‍ෂාකර බලා ඔවුන්ගේ වයස, රෝග නිධානය පරීක‍ෂා කොට ප්‍රතිකාර නියම කරනු ලබයි.

එහෙත් මෙහි දක්වන ප්‍රතිකාර ක්‍රම ඔබ කාටත් පොදු වශයෙන් දක්වන්නේ ඔබගේ පහසුව සඳහායි. ආතරයිටිස් රෝගයට බලපාන හේතුන් වන්නේ මානසික ආතතිය, ව්‍යායාම් රහිත වීම, අධික තරබාරුව, අධික ව්‍යායාමය, ජානමය තත්ත්වයන්, ජලය අඩුවෙව් පානය, ස්වභාවික ආහාරපානවලින් තොරවීම ආදියයි.

යෝග ප්‍රතිකර්මයන් කරන අතරතුර

  • ධනුරාසන
  • සලභාසන
  • පවන්මුක්තාසන
  • ප්‍රාණායාම
  • සන්තුලාන් ආසන
  • නටරාජාසන
  • වෘක්ෂාසන

මෙම ආසනයන්හි යෙදීම ඉතා වැදගත්වේ. මෙම රෝග තත්ත්වය සඳහා පහත සඳහන් ප්‍රතිකාර අනුගමනය කරන්න. එය ඔබට ඉතාමත් හිතකර ප්‍රතිඵල ගෙනදේවි.

01. ළපටි බණ්ඩක්කා කපා රාත්‍රියේ වතුරේ දමා තබා උදේ පානය කරන්න.

02. වේදනා දෙන සන්ධි සඳහා පොල්තෙල් රත්කර සන්ධිවල ගාන්න.

03. සුදු හඳුන් කුඩු, මී පැණි එකට මිශ්‍රකර සන්ධිවල ගාන්න.

04. උදැසන දින 30 ක් කුරුදු කුඩු තේ හැන්දක් මී පැණි මේස හැන්දක් සමග හිස්බඩ ආහාරයට ගන්න.

05. මුරුංගා ආහාරයට ගන්න.

මෙම ඖෂධ ප්‍රතිකාර නිවැරදිව කිරීමෙන් බොහෝ ප්‍රතිලාභ අත්විදිය හැකි අතර, ආතරයිටිස් රෝගීන්ට පාද සම්බාහනය හා නිල තෙරපීම ඉතා ගුණදායකයි. සතියකට දින දෙක තුනක් හෝ මෙම නිසල සම්බාහනය කිරීමෙන් ඉතාම යහපත් ප්‍රතිඵල අත්විදිය හැකියි.

එමෙන්ම මෙම රෝගීන්ට මානසික විවේකය ඉතා වැදගත් වන අතර, සතුට, සැහැල්ලුව සහ ප්‍රීතිය ලබා ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර දිය යුතුයි. අධික ලෙස සිරුර උෂ්ණත්වයට පත් කරන ආහාර නොගත යුතු අතර, සැමවිටම සිරුරේ සමබරතාවය රැකෙන අයුරින් ආහාර ලබාගත යුතුයි.

දිනපතා උදැසන අවදිව කට නොසෝදා කරන වොටර් තෙරපි :උ්එැර ඔයැර්චහ- ප්‍රතිකාර ඉතාමත් හිතකරයි.

උදැසන අවදිව කට නොසෝදා ජලය මිලි ලීටර් 640 ක් වන පරිද්දෙන් හිස්බඩ ඇල් ජලය වීදුරු හතරක් දිනපතා දින 40 ක් පානය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි.

ජලය පානය කල පසු අවම වශයෙන් විනාඩි 40 ක් යන තෙක් කිසිදු ආහාරයක් හෝ පානයක් නොගැනීමට වග බලාගන්න.

යෝග ප්‍රතිකාර ක්‍රමයේදී වඩාත් අවදානය යොමු කරනුයේ රෝග සුව කිරීමට වඩා රෝගවලින් වැළකී සිටීමටයි. එබැවින් මෙම රෝග තත්ත්වය පාරම්පරිකව තිඛෙන අය තම රෝගය පිළිබඳ සැළකිලිමත් විය යුතුයි.

එමෙන්ම මෙම රෝගීන් තමන්ගේ ජන්ම අංකයට හෝ ලග්නයට අදාළව රුද්‍රාරාක‍ෂය බීජයක් හෝ එය රැදි මාලයක් ගෙල පැළදීමද වඩාත් වැදගත් වෙයි.

නිරූපණය බුද්ධිකා

ප්‍රවිණ යෝග උපදේශක,
මෝහන හා මනෝචිකිත්සක

ආචාර්ය චාමීන් වර්ණකුල

දුරකථන: 0777 265 240/0767 265 240

Dr. Chamin Warnakula
Dr. Chamin Warnakula
Articles: 10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!